Colombo Today Local News

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.

මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපිය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතිණි.

එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළාතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.

එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය ගනුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් විය යුතු බවයි.

පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.

Related posts

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday