Colombo Today Local News

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍ය ධුරයක් ලබා නොගන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ ජේ‍යෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළයුතු බවට ජාතික නිදහස් පෙරමුණ තුළ සංවාදයක් මතුව ඇතැයි එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එහි නායක විමල් වීරවංශ මහතා කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගැනීමේ ස්ථාවරයට පැමිණීමත් සමඟ පක්ෂය තුළ එම සංවාදය ආරම්භ වී තිබේ.

පක්ෂයක් ලෙස රටක ඉදිරි ගමනේදී එහි යහපැවැත්ම සඳහා සහාය වීමට නම් බලපෑම් කිරීමේ ශක්තියක් පක්ෂයකට තිබිය යුතු බවත් එවැනි කටයුතුවලදී කැබිනට්ටුව නියෝජනය කිරීම පක්ෂයක් ලෙස අත්‍යවශ්‍ය යැයි පක්ෂය තුළින් අදහස් මතු වී ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුවන ස්ථාවරයට පක්ෂයක් ලෙස බලපෑම් නොකරන බවත් එම ප්‍රතිපත්තියට ගරු කරමින් පක්ෂයේ ජේ‍යෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ යුතුය යන මතයේ බහුතර පිරිසක් සිටින බවත් එම ආරංචිමාර්ග පැවැසීය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසුවේ මේ පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ අවසන් තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත්වනු ඇති බවය.

(මව්බිම)

Related posts

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

කිරි පිටි මිල රු125 කින් ඉහළට

colombotoday

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday