Colombo Today Local News

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

අඩු අමාත්‍යංශ සංඛ්‍යාවක් තුළ කැබිනට් අමාත්‍ය ධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණයෙන් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

2018 වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9% ක ආසන්න අගයක පවත්වා ගැනීම රජයේ අරමුණයි.

ඒ තුළින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ළඟාකරගත හැකි වෙතැයි රජය විශ්වාසය පළ කරනු ඇත.

මේ අතර විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙන්ම විදේශ වෙළෙඳාම සහ විදේශ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සඳහාගත හැකි ක්‍රියාමාර්ග සළකා බලමින් ඇතැයි ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

Related posts

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

අනුප්‍රාප්තික ජනපති තේරීමට දෙන්නෙකුගේ ඡන්දය නැහැ.

colombotoday

වැඩි මිලට සිල්ලර වෙළදුන්ට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්…

colombotoday

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday