Colombo Today Local News

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුළ විරෝධතාවයේ නිරතව සිටින එහි තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙකු පොලීසිය අද අක්කරපත්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පන්ති තහනම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් දින කිහිපයක සිට පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටින්නේ.

අද දිනයේ උපකුලපති එම්.එන්.එම්. නජීබ් සමග සාකච්ඡාවක් ලබා දෙන බව පොරොන්දු වීමෙන් පසුව එහි රැදී සිටි සිසුන් ඉන් ඉවත්ව ගොස් ඇති අතර, ඉතිරිව සිටි සිසුන් 15 දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසේන්නේ.

මෙලෙස සිසුන් රැදී සිටීම හේතුවෙන් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පසුගියදා තීරණය කළේ

Related posts

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

පයිප්පය බටයක් තෙල් පෝලිමක නවතා තිබු මෝටර් රථය පසාරු කරගෙන ගිහින්

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

colombotoday