Colombo Today Local News

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

SRI_LANKA_(F)_0627_-_Torture_polizia

ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී එහි අනුදැනුමක් නොමැතිව පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂඛ ශ්‍රේණියේ නිලධාරීන් 19 දෙනකුට ස්ථාන මරු ලබාදී දී ඇත.

ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන් 10 දෙනකුට ස්ථාන මාරුවීම් පොලිස් මූලස්ථානය විසින් ලබාදෙනු ලැබුවේ ඉකුත් 19 වැනිදායි.සෙසු ස්ථාන මාරුවීම් නියෝග ලබාදී ඇත්තේ පසුගිය 20 වැනිදායි. පොලිස්පතිවරයා හැරුණුකොට පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුවීම්, පත්කිරීම් ඇතුළු බොහෝ කාර්යයන් පැවරී ඇත්තේ පොලිස් කොමිසමටය. ස්ථාන මාරුවීම් මෙන්ම පත්කිරීම් සිදුවිය යුත්තේ එම කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.ජාතික පොලිස් කොමිසම ඔක්තෝබර් 14 වැනිදා සිට බලාත්මක වුවද එම දිනයට පසු සිදුකරනු ලැබූ ස්ථාන මාරුවීමක් හෝ පත්කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමාව දැනුවත් කර නොමැති බවයි එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සඳහන් කරන්නේ.

Related posts

අභිරහස් ලෙස මිය ගිය ජපුර සරසවි සිසුවෙකුගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

Admin

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin