Colombo Today Local News

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

වැරැදි ලෙස උපුටා දක්වා තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඇමතීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.

රාජ්‍ය නායකයන් දෙපළ අතර පැවැති දුරකථන සංවාදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

ඉන්දීය රෝ ඔත්තු සේවය තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් එම වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරුන් දුරකථන සංවාදයක නිරතව තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තම ප්‍රකාශයන් වැරැදි ලෙස උපුටා දක්වා සහ තමා කළ ප්‍රකාශය විකෘති කර ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවයි.

තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියාවේ සම්බන්ධයක් අතැයි ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ දුෂ්ඨ සහ සද්භාවයෙන් තොර අදාළ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත සහ සාවද්‍ය ප්‍රකාශ බවත් එහි පරමාර්ථය රාජ්‍ය නායකයන් දෙපළ අතර වැරැදි අවබෝධයක් ඇති කිරීම සහ දෙපාර්ශ්වය අතර පවතින යහපත් සබඳතා පළුදු කිරීමට උත්සාහ දැරීමක් ලෙස පෙනී යන බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටි බවයි.

අදාළ වාර්තා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට පෞද්ගලිකවත්, රජයක් ලෙසත් ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා දැනුවත් කර ඇති බව ද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි. සිද්ධිය පිළිබඳ ජනාධිපතිවරයා අප්‍රමාදව පැහැදිලි කිරීම සහ තමා ඇමතීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක්කර ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අසල්වැසියාට ප්‍රමුඛතාව දීමේ තම ප්‍රතිපත්තිය ඉදිරියට ද පවත්වාගෙන දෙරට අතර සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැබිනට් හමුවේ දී සාකච්ඡාවට ලක්වන කරුණු මාධ්‍යයට පිටවීම පිළිබඳ ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහි දී සාකච්ඡා කර ඇති බවයි.

Related posts

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබෙයි.. භික්ෂූන් වහන්සේ දෙනමක් පිටුපස පොලීසිය පන්නයි

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

සපුගස්කන්දේ වැඩ 16 වනදා සිට යළි අරඹයි

Admin

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday