Colombo Today Local News

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා උතුරේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන්  ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක හමුවේදී සාකච්ඡා කර ඔහුට එරෙහිව පියවරක් ගනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

කොළඹදී  පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා  මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව ප්‍රසිද්ධියේ මතවාද ඉදිරිපත් නොකිරීමේ එකඟතාවක් අපි අතර තිබුණා. නමුත් ඇතැම් අවස්ථාවල මතවාද ඉදිරිපත් කිරීම ස්වභාවිකයි. ඒ නිසා පක්ෂය  තුළ අර්බුදයක් මතු වෙන්නේ නෑ. අපි මොනවා කීවත් අපේක්ෂකයා කවුද කියල නම් කරන්නෙ මහින්ද රාජපක්ෂ මහතායි. අපි යම් යම් මතවාද පල කිරීම ගැන ජනතාව දෙපැත්ත බෙදිලා තීරණ ගන්නෙ නෑ. මහින්ද මහත්තයා නියම පුද්ගලයා පත් කළාම ජනතාව  ඒ වටා  ඒකාරාශි වේවි.

මාධ්‍යවේදීන්  උතුරේදී වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා දෙමළ ජනතාවට විරුද්ධ වන කිසිම අපේක්ෂකයෙක්  ඒකාබද්ධයෙන් ඉදිරිපත්  කරන්න ඔහු ඉන්නතුරු ඉඩ දෙන්නේ නෑ කියලා. මේ කතාවෙන් කියන්නේ දෙමළ ජනතාවට විරුද්ධ අයත්  ඒකාබද්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලනවා කියලද?

බන්දුල ගුණවර්ධන මහතා

වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වැරදි බව පෙනෙනවා. ඒ ගැන පක්ෂ නායකයෝ එකතු වුණාම තීන්දුවක් ගනීවි.

Related posts

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

colombotoday

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday