Colombo Today Local News

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට නිකුත් කර තිබූ එල්. එම්. ජී. වර්ගයේ ගිනි අවි දෙකක් නාලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විසින් කිසිදු සටහනක් නොතබා පිටතට රැුගෙන ගොස් දින දෙකකට පසුව රැුගෙන ගිය රාජකාරිය කුමක් දැයි සටහන් කිරීමකින් තොරවම ආපසු භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05 වැනිදා* අධිකරණයට දැන්වීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ ඝාතන සැලසුමක්‌ ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාට හා ත්‍රස්‌ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (05 වැනිදා) පස්‌වරුවේ නියෝග කළාය.

මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද? එම කාලය තුළදී ඒවා යම්කිසි අපරාධයකට භාවිත කළේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට දැන්වීය.

Divaina

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday