Colombo Today Local News

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ‍්‍රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්ත ශාලව දෙකම දුන් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.

මෙම ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/madyawediya/videos/170277820527291/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

උපවාස ජොගියත් හමාරයි… පොලිසියෙන් විත් කුදලන් යෑමට පෙර උපවාසකාර හිමිනම නිදහස් චතුරශ්‍රයෙන් පිටමං වෙයි !

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

Admin