සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
පසුගිය අවස්ථා කිහිපයකදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාව විවේචනය කිරීම සම්බන්ධව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
එසේම අද (02) කැබිනට් අමාත්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී කැබිනට් සාමුහිඛත්වය, ආණ්ඩුව සම්බන්ධව තිබෙන විවේචන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව එහිදී අවධාරණය වනු ඇති බවද දැනගන්නට ඇත.