Colombo Today Local News

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ  ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්  ස්කොට්ලන්යාඩ් පොලිසියේ  පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට  සිටි  පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  නියමයෙන්   රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්  අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.

මෙම ගමන සදහා  රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්  පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ   සහකාර ලේකම්   මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි  වීමට නියමිතව තිබුණි.

මෙම වැඩමුළුව   හෙට  (1) දින සිට  (7) වැනි දින දක්වා  ස්කොට්ලන්යාඩි බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

මන්නාරමේ කතෝලික පල්ලියකට ප්‍රහාරයක්.. මුස්ලිම් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday