Colombo Today Local News

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප‍්‍රධාන නිළධාරියා  රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය.

ඒ අනුව තම ආරක්ෂාව භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් එම ඉල්ලිම සිදුකර ඇති බවද ඔහු කිය.

තම පවුලේ උදවිය ඝාතන සැලැස්මක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය වහාම කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය.

එල්ල වි ඇති ජීවිත තර්ජන හමුවේ ඉදිරියේදී තම පුවුලටම ආරක්ෂාව දීමට වුවද සිදුවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින්  ඒ මහතා මේ බව පැවැසීය.

Related posts

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

colombotoday

තවුහිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදා හැරිමට නියෝග

colombotoday

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin