Colombo Today Local News

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතාට පහරදීමකින් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කර ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

කහගල – ඉළුක්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි මන්ත‍්‍රිවරයා තෙල්ගමු ඔයේ දිය නෑමට පැමිණි කඩවත ප‍්‍රදේශයේ පිරිසක් බිමතින් හැසිරීම හේතුවෙන් අශෝභන ලෙස හැසිරීමෙන් වළකින්නැයි කළ දැනුම්දීමක දී ඇති වු බහින් බස් වීමකින් මන්ත‍්‍රිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තෙල්ගමු ඔයේ දිය නෑම සඳහා කඩවත ප‍්‍රදේශයේ සිට පැමිණි පිරිස 15 දෙනෙකු පමණ වන බවත් ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයා සමඟ ඇති කරගත් බහින් බස් වීමක් දුර දිග යෑමෙන් ගැටුම ඇති වි ඇති බව පොලිසිය කළ මුලික පරික්ෂණ වලදි හෙළිවු බව පොලිසිය සඳහන් කළේය.

ලග්ගල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.එම්.ජේ.ඩබ්ලිව්.කේ. අමරසිංහ මහතා කියා සිටියේ තෙල්ගමු ඔයේ දී ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයාට පහර දුන් කඩවත ප‍්‍රදේශයෙන් පැමිණි 13 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Related posts

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

නාවක්කුලියේ බුදු එළිය විහිදුවන්න දෙමළ නඩුකාරතුමිය දුන් ඓතිහාසික නඩු තීන්දුව !

colombotoday

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන ආයුර්වේද නිෂ්පාදනයක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

colombotoday