Colombo Today Local News

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබේ.

එම අවි, ඝාතන කුමන්ත‍්‍රණයට යොදා ගැනීමට සැළසුම් කර තිබුණේදැයි යන්න මේ වන විට සොයා බැලෙමින් පවතින අතර, මෙය වැදගත් වන්නේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ දෛනික රාජකාරි කටයුතු සදහා මෙවැනි උසස් පරිමානයේ අවිවල අවශ්‍යතාවයක් නොමැති බැවිනි.

බම්බලපිටියේ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ පිහිටි අවි ගබඩාවෙන් මෙම අවි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදීම සඳහා නිල වශයෙන් අනුමැතිය දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාම බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් පැවසුවේය.

පොලිසියේ ප‍්‍රධාන අවි ගබඩාව වන්නේද මෙම අවි ගබඩාවයි.

දුෂණ විරෝධී බලකායේ නායකයා ලෙස තමන් හදුන්වාගන්නා නාමල් කුමාරගේ හමුවීමට පැමිණි ඉන්දියානු ජාතිකයකු බව කියන පුද්ගලයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

පුවත්පත් සාකච්ඡාවේදී කුමාරගේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෙම පුද්ගලයා තොරතුරු විමසා ඇති බවද දැනගන්නට ඇත

ජනපති සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැළසුම් කර ඇතැයි කුමාරගේ චෝදනා කළේ ය. එම සැළසුම දියත් කිරීම සදහා පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් නැමැත්තා හා සම්බන්ධවන ලෙසට ත‍්‍රස්ත විමර්ශන ඒකකය තමාට දැනුම්දුන් බවද කුමාරගේ පැවසුවේය.

Related posts

රාජිත ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් කියන්නේ “නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ” කතාවක්

colombotoday

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

සමාජ ජාලාවල ප්‍රචාරය වන ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday