Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණය පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ නාමල් කුමාරගේ සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකටයුතු ඉන්දීය ජාතිකයා 53 වැනි වියේ පසුවන අතර ඔහු මීට ටික කලකට උඩදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු බවත් තමන් වෙත එල්ල වූ මරණීය තර්ජන නිසා හොර රහසේම ශ්‍රී ලංකාවට පලා ආ බවත්ය.

තමන් මෙරටදී සරණාගතභාවය ඉල්ලා සිටියද එය නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාමල් කුමාරගේ මාධ්‍ය ඔස්‌සේ සිදුකළ හෙළිදරව්ව පිළිබඳව තමන් දුටු බවත් ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථා කීපයකදීම වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්‌පර විරෝධී බවය.

මෙසේ සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

Divaina

Related posts

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin