Colombo Today Local News

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිස අද (17) පස්වරුවේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණියහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැත පිළිබඳ විමර්ශන නිමවන තෙක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය අත්හිටුවන ලෙසටත් එම විමර්ශන මෙහෙයවීම මගහැරීම  සම්බන්ධව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව සේවයෙන් පහකරන ලෙසටත් ඉල්ලා සිටීම සම්බන්ධයෙනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ මධුමාදව අරවින්ද මහතා….

අපට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ කථානායකවරයාගෙන්. මොකද පොලිස් කොමිසමට පොලීසිය හරියට ආම්බාම්  කරගන්න බැරිනම් පොලිස්පතිවරයාව ආම්බාම් කරන්න බැරිනම් ඊළඟට කථානායකතුමන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාවලියකට යා යුතුයි. අපට ආරංචියි කථානායකතුමන් පොලිස් කොමිෂන්එකත්  එක්ක සාකච්ඡාවක් පැවැත්වූ බව.

 

අපි අහනවා කතානායකතුමාට මොන ප්‍රතිපාදන ද තිබෙන්නේ තමන්ගේ නිලය  තුළ අර අයියයි මල්ලි ගහගත්තහම පුතේ ඇයි අයියට කීකරු නැත්තේ වගේ කතා අහන්න. එතුමන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුයි. එවැන්නක් නොකර එතුමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් මම හිතන්නේ කතානායක බලතල ඉක්මවා යෑමක් විදිහටයි. පොලිස් කොමිෂන් එකට තියෙන්නේ කතානායකතුමාට දන්වලා අධිකරණ ක්‍රියාවලියකට යන්න. කතානායකතුමාට තියෙන්නේ එය පාර්ලිමේන්තුවට දැනුම්දීම මිසක් එය පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන්නට බලයක් ඒ නිළය තුළ නැහැ.

 

දෙවන කාරණාව තමයි අප දන්නවා ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ ඉතා විෂ සහිත මත්ද්‍රව්‍යයන් වන අයිස් කොකේන් කේරල ගංජා වැනි මත්ද්‍රව්‍යයන් රාශියක් දිගින් දිගටම පොලිස් අත්අඩංගුවේ දී නැති වෙනවා. එය ලංකාවම දන්න  ඇත්තක්. එතකොට මේ මත්ද්‍රව්‍ය දිගින් දිගටම පාවිච්චි කරන අයගේ ස්නායු දුර්වල වෙලා තනියම හිනා වෙනවා. අඬනවා කෑගහනවා විතරක් නෙවෙයි නවත්තන්නැතුව කතා කරනවා. පොලිස්පතිතුමාව දැක්කහම පොලීසිය අත්අඩංගුවට ගන්නා මේ ඉතා භයානක මත්ද්‍රව්‍ය  පොලිස්පතිතුමා පාවිච්චි කරනවාද කියා රටේ ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අස්වාභාවික හැසිරීම නිසා නැතිවන කුඩු ගංජා පොලිස්පතිතුමා පාවිච්චි කරනවා දැයි අපි නොවෙයි රටේ මිනිස්සු අහනවා.

 

ඒ නිසා පූජිත ජයසුන්දර මැතිතුමනි පොලිස්පතිතුමා අනතුරේ කියලා අපි මතක් කරනවා.

Related posts

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

සයිනොෆාම් එන්නත් විකිණීමට ගිය රෝහල් කම්කරුවෙක් මාට්ටු

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday