Colombo Today Local News

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අයවැය ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. යහපාලනය ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් එජාපයේ ප්‍රභලයෙක් මේ සඳහා නායකත්වය ලබා දීමට සුදානමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

මෙම එජාප මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සමග දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇති බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය. ඉදිරි සතිය තුළ මේ පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ජා වටයක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම මන්ත්‍රීවරුන්, අයවැයට විරුද්ධව ජන්දය දී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටද සූදානමක් ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග වාර්තා කර සිටී.

 

Related posts

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

Admin

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් දුන් එල්.ටී.ටී.ඊ යේ ගිනි අවි 5000ක් නැගෙනහිර මුස්ලිම් තරුණයන් අතේ…?

colombotoday

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin