Colombo Today Local News

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරතවන විශේෂයෙන්ම චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අපහසුතා සඳහා මුහුණදීමට සිදුව තිබේ.

ඩේලිමිරර් පුවත් පුවත්පත පළකළ වාර්තාවකට අදහස් දක්වා ඇති එම ප්‍ර දේශයේ පදිංචි කාන්තාවක පවසා ඇත්තේ කම්කරුවන් හේතුවෙන් කාන්තාවන්ට සවස 6.00 පමණ පසුව නිවසින් බැහැර යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

“ඔවුන් අපේ මාර්ගවල සෑම දිනකම ගමන් ගන්නේ දුම්පානය කරමිනි. ඔවුන් නියමිත වස්ත්‍රවලින් පවා සැරසී නොමැතිවයි ගමන් කරන්නේ. මේ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් තවදුරටත් ආරක්ෂාකාරී නෑ. අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා. අපේ නිවාසවලින් පවා එළියට නොබැස සිටීම අපිට අමාරුයි.

මීට අමතරව ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා. අපේ සෑම ළමයෙක්ම හරිම තරුණයි. අපිට ගැහැණු දරුවන් ඉන්නවා. මාර්ගවල ගමන් ගන්නා අපේ දියණියන්ට ඔවුන් ලිංගික ප්‍රකාශ කරනවා.

ඔවුන් මත්පැන් පානය කළ විට අපේ සුරතුලුන්ට පීඩා කරනවා. ”

රාජගිරියේ ඉදිකිරීම් මධ්‍යස්ථාන දෙකක මෙම කම්කරුවන් සේවය කරන බවත් ඔවුන්ට අවම පහසුකම් හෝ නොමැති බවත් එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසයි.

Related posts

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

colombotoday

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

colombotoday

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

රක්ෂිත කට්ටි කිරීම පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමයි : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday