Colombo Today Local News

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අත්තනෝමතික ලෙස කටයුතු කරන බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

වත්මන් යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලඇණි 33 ක්‌ අඩු කිරීමට ක්‍රියාකර ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.

ඊයේ (10 වැනිදා) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක්‌ අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය,

හිටපු හමුදාපතිවරු රට ගැන කතා කිරීම සුදුසු නෑ කියලා වර්තමාන හමුදාපතිවරයා කියලා තියෙනවා. මම රටේ තත්ත්වය තේරුම් ගෙන වැඩ කළේ යුද්ධය පවතිද්දී. මම යුද්ධය මෙහෙයවන විට වර්තමාන හමුදාපතිවරයා මූලස්‌ථානයේ µයිල් ගොඩක්‌ භාරව හිටපු බ්‍රිගේඩියර් කෙනෙක්‌. එයා මට වඩා යුද්ධය ගැන දන්නවා නම් ඒ වලිගය පාගගෙන කියලයි මට හිතෙන්නේ. ඔහු අද වැඩකටයුතු කරන්නේ සියලු දේ අවතක්‌සේරු කරමින්. වර්තමාන හමුදාපතිවරයා හමුදාපති වුණේ අනිත් අය කරපු වැරදි නිසා. එසේ නැතිව ඔහු දක්‍ෂයෙක්‌ නෙමෙයි. . ඔහු පළමුව ඉගෙන ගන්න ඕනේ වැදගත් රජයේ සේවකයෙක්‌ ලෙස කොණ්‌ඩය පීරන්න. තට්‌ටෙ ගාලා ඉඩි අමීන් වගේ. මෙහෙම හමුදාපතිවරයෙක්‌ මම ලෝකෙ කොහේවත් දැකලා නෑ. මම කියන්නේ සත්‍ය කරුණු. මට ඔහු සමඟ පෞද්ගලික ප්‍රශ්න නැහැ.

Related posts

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin