Colombo Today Local News

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරනලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීම ඇතුළු කටයුතු සිදුවනු ඇත.

Related posts

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයි

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් සමග ලාංකික කතුන් 2ක් චෙන්නායි වලදී අත්අඩංගුවට

Admin