Colombo Today Local News

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

ලබන බදාදායින් පසුව මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් සිදුවණු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි. වත්මන් සම්මුති ආණ්ඩුව ජනතාවට දුන් ‍පොරොන්දු කඩ කර ජනතාව තලා පෙළා පීඩාවට පත්කිරීමට එරෙහිව සැප්තැම්බර් පස්වන බදාදා අති විශාල ජනතාවක් කොළඹට රැස්වී රජයට ගෙදර යෑමට බලකරනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෙම දැවැන්ත උද්ඝෝෂණ මේ රටේ සියලු පාර්ශ්ව නියෝජනය කරන සියලු දෙනා සහභාගි වනබව දැනටමත් තමන්ට දැන ගන්නට ලැබි ඇති බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා රජය ඉල්ලා අස්වී ගෙදර යනතුරු නොනවතින අරගලයක් ලෙස ජනතා උද්ඝෝෂණය ක්‍රියාත්මක වනු ඇති බවද කීවේය.

මේ රජයට දැන් වසර තුන හමාරක් පමණ වෙනවා. රටේ ජනතාවට දුන්නු කිසිම ‍පොරොන්දුවක් ඉටු වෙලා නෑ. ඒ වෙනුවට රජය ‍පොරොන්දු අලුත් කරමින් නොයෙක් පෙරළි ගැන කියමින් ජනතාව රවට්ටනවා. බදු බර ජීවන බර ආදී නොයෙක් බර ජනතා කරපිට පටවා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඔවුන්ගේ පහසුකම් වැඩි කර ගන්නවා. දේශීය සම්පත් විකුණමින් අනාගත පරම්පරාවේ උරුමයන් විනාශ කරමින් මේ රට කෑලි කෑලි වලට කඩා විනාශ කිරීමට උත්සාහ දරන මේ ආණ්ඩුව ලැජ්ජා බය නැති ආණ්ඩුවක්. එවන් ආණ්ඩුවකින් ජනතාවට සෙතක් නැති බව අද මුළු රටේම ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ නිසා රජය ගෙදර යවන රජයට ගෙදර යන්න බල කරන දැවැන්ත උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා රටේ සිව් දෙසින් අති විශාල ජනතාවක් සැප්තැම්බර් 05 කොළඹට පැමිණීම වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැතැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ලක්බිම

Related posts

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

මෙන්න අලුත්ම ජීවන වියදම

Admin

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday