Colombo Today Local News

චතුරගේ, අරලිය මැදුරේ මගුල ගැන අගමැතිගෙන් නිවේදනයක්…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුනේ අරලියගහ මැදුරේ නොව එම මන්දිර පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලාවේදී බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

“පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චතුර සේනාරත්න මහතාගේ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බව අප කාර්යාලයේ අවධානයට ලක් විය.

සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නිල නිවෙස වන අරලියගහ මන්දිරයේ දී නොවේ. අරලියගහ මන්දිර පරිශ්‍රයේ තවත් ගොඩනැගිලි ගණනාවකි. කාර්යාලයීය සංකීර්ණය හා උත්සව ශාලාව ද ඒ අතර වෙයි.

මෙම උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබාදීම පිළිගත් ක්‍රමවේදයකි. ශාලාව වෙන් කිරීම සඳහා ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා ශාලාව ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සිය විවාහ මංගල්‍ය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබා දිය හැකිදැයි විමසා ඉල්ලීමක් කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්රී්වරයෙකු විසින් කළ ඉල්ලීමක් නිසාත්, ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන් දක්වා තිබූ හේතු යුක්ති යුක්ත නිසාත්, සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබා දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කළේය.

ඇතැමුන් අර්ථ දක්වන පරිදි මෙය, නොමිලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් හෝ නොවේ. සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත ය. උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට මෙම කාර්යාලයේ සම්බන්ධයක් නොමැත.

2018.08.31
අග්‍රාමාත්‍ය කාර්යාලය

Related posts

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

ජනපති එජාපයට බනින්නේ ඡන්ද කඩාගන්නයි.. ඡන්දෙන් පස්සේ අපි ආයෙත් යාලුයි..

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

බාල දැරියකට ලිංගික අතවර කරලා… ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් හනාස් අත්අඩංගුවට…

colombotoday