Colombo Today Local News

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

Maswaddo

විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් පෙරියවිල්ලු ප්‍රදේශයේ මුවන් තිදෙනෙකු මරා මස්කර ප්‍රවාහනයට සුදානම් කර සිටියදි අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 7 දෙනා පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන වෙත ඉදිරිපත් කිරිමේන් අනතුරුව මෙම මස 21 දි දක්වා බන්ධනාගාර ගත කිරිමට වන ජිවි නිළධාරින්ට නියෝග කළා.

මෙම සැකකරුවන් නිති විරෝධි ලෙස විල්පත්තුව වන උද්‍යානයට ඇතුළු වී දින දෙකක් රැඳීසිට සතුන් දඩයම් කරමින් ඇති බවත්, එහිදි තිත් මුවන් තිදෙනෙකු කානු දෙකේ ගිනි අවි යොදා ගනිමින් මරා ඇති බවත්, මුව මස් කිලෝ 70ක් පමණ විල්පත්තුව කෙරවලේ පිහිටි මුහුදු ප්‍රදේශයට රුගෙන ගොස් එතැන් සිට කල්පිටියට ධිවර යාත්‍රාවල යැවිමට කටයුතු කර ඇති බවත් පැවසෙයි.

මස් ධිවර යාත්‍රාවල යැවිමේන් පසුව මෙම දඩයක්කරුවන් විල්පත්තුව වන උද්‍යානය මැදින් වැටි ඇති පුත්තලම පරණ මන්නාරම මාර්ගය ඔස්සේ නැවත කල්පිටියට පැමිණීමට නියමිතව තිබු බව වන ජීවි නිළධාරින් පවසයි.

වනසතුන්ගේ මස් හලාවත හා මිගමුව ප්‍රදේශවල අවන්හල් වෙත අධික මිලට අළෙවි කරන බවට ද අනාවරණ වී ඇත.

මෙම දඩයම්කරුවන් එළුවන්කුලම විල්පත්තු පිවිසුමේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි පෙරිය විල්ලුවට පැමිණ ඇත්තේ වෑන් රථයකිනි.

වන ජිවි නිළධාරින් දින ගණනාවක සිට රැකවලේ සිට මෙම දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක මර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබු කානු දෙකේ ගිනි අවියක්, පිහි, පොරෝ, දුරකථන 4 ක් හා ජීව පතොරම් 5ක් ද නිලධාරීන් භාරයට ගත්තා.

අත්අඩංගුවටගත් සැකරුවන් වනජිවී නිළධාරින් විසින්, පුත්තලම අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාරයට රැගෙනයන අවස්ථාවේදි , සැකකරුවන්ගේ ජායාරූප ගැනිමට නොහැකිවන ලෙසට බාධා එල්ලකිරිමට එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් කටයුතු කළා.

Related posts

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

colombotoday

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday