Colombo Today Local News

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

ගාල්ල වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට විශාල පාඩුවක්‌ සිදු කළැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ අංක 59287/10/16 දරන නඩුව විභාග කිරීම ඇතුළු ඊට අදාළ ඉදිරි පියවර ගැනීම වහාම අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (04 වැනිදා) නියෝග කළේය.

මෙම නියෝගය ලබන ඔක්‌. 03 දා තෙක්‌ දැනට බලපැවැත්වෙන අතර නියෝගයේ සහතික පිටපතක්‌ වහාම අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට යවන ලෙස ද අභියාචනාධිකරණය රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන අයෑදුම්පත මගින් කර තිබූ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි. එම පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සඳහා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වගඋත්තරකරු වන අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නොතීසි නිකුත් කරන ලදී.

පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් 28 සහ ඔක්‌තෝබර් 02 යන දෙදින තුළ පැවැත්වීමට ද නියම කෙරිණි.

Related posts

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් හැකි ඉක්මනින් දෙමළ ජනතාවට ලබා දෙනවා – විදේශ ඇමති

colombotoday

මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙනුයි – බෙංගමුවේ නාලක හිමි

colombotoday