Colombo Today Local News

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානය හම්බන්තොටට රැගෙන යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ආචාර්ය සමන් කැලේගම මහතාගේ කෘතියක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (29) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

එසේම හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරායේ ආරක්ෂාව මුළු මනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හම්බන්තොට වරාය හුදෙක්ම වාණිජ වරායක් බවත් ඒ හරහා හම්න්තොට හා මොණරාගල කලාපයේ ආර්ථික සංවරධනය ඇතිවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday