Colombo Today Local News

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

ලෝක උරුමයක් ලෙස පිළිගැනෙන ගාලූ කොටුපවුර විකිණිමේ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. මේ සදහා මූලික කටයුතු සම්පාදනය කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයකු වන සාගල රත්නායක අමාත්‍යවරයාගේ යටතේ ඇති ගාලූ උරුම පදනම නම් සංවිධානයක් මගිනි. ඒ සදහා වන මූලික සාකච්චාවක් 2018 ජුනි මස 24 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලූ කොටුවේදී පවත්වා ඇත. එහිදී තිරණය වී ඇත්තේ ගාලූ කොටුව තුල ඇති රාජ්‍ය ආයතන ඒ තුලින් ඉවත් කර එම භූමිය සංරක්ෂණය නමින් සංවර්ධනය කර ඵලදායී ආර්ථික කටයුතු සදහා යොදා ගැනීමට ලෙස දන්වා ඇත.

මෙම කාර්යය විධිමත් ආකාරයට ඉටුකිරීමට නම් ලංකාවේ පුරාවිද්‍යා නිසි බලධාරීයා වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිය යුතු වුවත් එම කාර්යය අගමැතිට හිතවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන ගාලූ උරුම පදනමේ සභාපති චන්න දාස්වත්ත මහතාට පවරා ඇත. මේ වන විට ගාලූ උරුම පදනම මගින් රාජ්‍ය ආයතන වෙත ලිපි යවා ඇති අතර පුරා විද්‍යා ආයතන වලටද, මෙම භූමියෙන් ඉවත්වන ලෙස දන්වා ඇත. ඒ යටතේ ගාල්ල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මුහුදු පුරාවිද්‍යා ඒකකය ඉවත් කරගන්නා ලෙස ද දන්වා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව මේ ක්‍රියාවට නගමින් ඇත්තේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය යැයි පවසමින් ගාලූ කොටුව තුල ඇති භූමිය විකුණා දැමිම බව මින් පැහැදිලි වන අතර, ඒ සදහා එම භූමියේ නිසි බලදාරින්ටද ඉවත්වන ලෙස දැන්වීමෙන්ම ඒ බව මනාව පැහැදිලි වෙමින් පවතී.

මෙම ගාලු කොටුව තුල මේ වනවිට රජයේ පාසල් දෙකක් පවතින අතර එහි විදුහල්පතිවරුන්ටද පසුගිය දිනක මෙම ගාලු උරුමය සංවිධානයේ සභාපතිවරයා මෙම ස්ථානයෙන් පාසල් ඉවත්කර ගන්නා ලෙස තර්ජනාත්මකව දැනුම්දී තිබේ. රජය විසින් එම පාසැල් ඇතුළු රාජ්‍ය ආයතන සදහා වෙනත් ස්ථානයක් ලබාදිය යුතු වුවත් එසේ කිසිදු සැලැස්මක් හෝ නොමැතිව විදුහල්පතිවරුන්ට පාසැල් ඉවත්කර ගන්නා ලෙස දැනුම්දීම හාසයට කරුණක්ද වන්නේය.

දකුණු පලාතේ අගනගරය ලෙස ගාල්ල හැදින්වියහැක.මෙහි වැදගත් ස්ථානයක් වන්නේ ගාලු කොටු පවුරයි.ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේශීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. යුනෙස්කෝ සංවිධානය මෙම ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස නම්කර තිබේ.

lankatruth

Related posts

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday