Colombo Today Local News

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01 දා) පැවසීය.

මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට තරම් මුදලක්‌ යෑයිද ඊයේ (01 දා) රාජගිරියේ පැවැති පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තෙන්නකෝන් මහතා මෙසේද කීය.

මහපොළ අරමුදල දූෂිත පර්පෙචුවෙල් බැඳුම්කර නිසා සිදුව ඇති පාඩුව කොපමණද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ. මහපොළ උසස්‌ අධ්‍යාපනය ශිෂ්‍යත්ව අරමුදල් රු. මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාවට යොදාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවක්‌ හරහා ද්විතීය මිලදී ගැනීම් සිදුකිරීම මගින්. පර්පෙචුවෙල් සමාගමට ලැබුණු අභ්‍යන්තර තොරතුරු මත සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට අඩුවෙන් බැඳුම්කර මිලදී ගෙන රජයේ ඇතැම් නිලධාරීන්ට වරප්‍රසාද ලබා දෙමින් රජයේ අරමුදල්වල ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ගෙන තිබෙනවා.

මෙම පර්පෙචුවෙල් බැඳුම්කර වංචාව හරහා මේ වන විටත් සේවක අර්ථසාධක අරමුදල, රක්‍ෂණ අරමුදල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් වංචා කර ඇති බව තොරතුරු හෙළි වෙමින් තිබෙනවා. අලුත්ම අනාවරණය තමයි මහපොළ අරමුදලට වංචා කිරීම. එහි පාඩුව රුපියල් මිලියන 18 ක්‌ පමණ වනවා.

මේ සම්බන්ධයෙන් අපි මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලින් විමසීමේදී මේ පාඩුව අයකර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස්‌ මත නඩු පවරා තිබෙන බව ඔවුන් කියා සිටියා.

1981 දී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ අරමුදල ආරම්භ කළේ දරිද්‍රතාවෙන් මිදීමේ මාවත අධ්‍යාපනය යන තේමාව යටතේයි. සිසුන් 441 දෙනකුට රුපියල් 350 ක දීමනාවක්‌ ලබාදෙමින් ආරම්භ කළ මහපොළ අද වනවිට සිසුන් 15000 කට රුපියල් 5500 බැගින් ලබාදෙනවා. ඇතුලත්මුදලි මහතා 1989 දී ප්‍රකාශ කළේ මහපොළ ජනතාවගේ ව්‍යාපාරයක්‌ මගේ මරණයෙන් පසුවද මහපොළ අඛණ්‌ඩව පැවතිය යුතුයි කියායි.

මහපොළ අරමුදල රුපියල් බිලියන 10 කට වැඩියි. ස්‌ථීර තැන්පත් හා බැඳුම්කර මහපොළ භාරයේ ආයෝජනයත් දූෂිත බැඳුම්කර වංචාව සිදුකොට ඇත්තේ ප්‍රාථමික බැඳුම්කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එය සිදු නොකර ද්විතීය වෙළෙඳපොළ මගින් රාජ්‍ය බැංකුවක්‌ හරහා මිලදී ගැනීමෙනුයි. මෙය සේවක අර්ථසාධක අරමුදල, රක්‍ෂණ භාරය, විශ්වවිද්‍යාල අරමුදලින් බැඳුම්කර වංචාව සිදුකළ ආකාරයටම සමානයි.

මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ භාරකාර මණ්‌ඩලයේ නිල බලයෙන් පත්වන සභාපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයායි. එහි විෂය භාර අමාත්‍යාංශය වන්නේ උසස්‌ අධ්‍යාපනය හා සංස්‌කෘතික අමාත්‍යාංශයයි.

divaina

Related posts

හිජාස් හිස්බුල්ලා අන්තවාදය ඉගැන්වීමට පුර්ණ අනුග්‍රහය දීලා. ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් දුන් බව හෙළි වෙයි.

colombotoday

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

colombotoday

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

“රටින් පන්නා දැමූ ‘ඊනිව්ස්‘ පුලන්නා ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා“ – අධිකරණ ඇමති

colombotoday