Colombo Today Local News

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

නගර සභාවට අයත් ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.

මේ පිලිබදව සාකච්ඡා  කිරීම සදහා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ චම්පික රණවක අමාත්‍යවරයා හමුවී ඇති අතර, අවශ්‍ය ඉඩම් තම අමාත්‍යංශයට කෙසේ හො පවරාගන්නා බවත්, අවශ්‍ය කටයුතු නිලධාරීන් සමග සාකච්ඡාකරගන්නා ලෙසත් පවසමින් අමාත්‍යවරයා රැස්වීමෙන් නැගිට යෑමට උත්සාහ කර ඇත.

එහිදී දැඩි ලෙස උරණ වූ නාගරික මන්ත්‍රීවරුන් අමාත්‍යවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර, එවකට ගෝඨාභය රාජපක්ෂ මහතා පවා මෙලෙස හැසිරුණේ නැති බවත්, එජාප මන්ත්‍රීවරුන් වූ තමන් සමගත් ඔහු සුහදශීලීව කටයුතු කළ බවත් සදහන් කර ඇත.

ඇමති චම්පික රණවක මහතා එජාපය පරාජය කිරීමට උත්සහා කරන බවත්, නිලධාරීන් සමග සාකච්ඡාකිරීමට තමන්ට අවශ්‍ය නොමැති බවත් පවසමින් එජාප නාගරික මන්ත්‍රීවරුන් පිරිසද රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව වාර්තා වේ.

 

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday