Colombo Today Local News

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

දේශීය පලතුරු විශේෂ කිහිපයක් චීනයට අපනයනය කිරීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර මීට වසරකට පෙර ගිවිසුමක් අත්සන් කර ඇතත් මේ වනතෙක් කිසිදු පලතුරක් චීනයට යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ රජයේ ආයතන කටයුතු කර නොමැති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

චීන රජයේ ප්‍රධානියකු මේ පිළිබඳව රජයේ ප්‍රධානියකු වෙත දන්වා තිබේ. මෙකී ගිවිසුමට අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෙසෙල් චීනයට අපනයනය කිරීම සඳහා එකඟ වී තිබේ. හම්බන්තොට, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල වගා කෙරෙන කෙසෙල් චීනයට අපනයනය කිරීමට සැලසුම් කර ඇත. නමුත් ශ්‍රී ලංකාව එක කෙසෙල් ගෙඩියක්වත් චීනයට අපනයනය නොකළ බව චීන රජයේ ප්‍රධානියා මෙරට රජයේ ප්‍රධානියාට පවසා තිබේ.

මෙම දැනුම් දීමට අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය යාවත්කාලීන කිරීමටත් ඒ අනුව ඉදිරියේදී මෙරට කෙසෙල් චීනයට අපනයනය කිරීමටත් සූදානම් වේ. ආනමාලු, කෝලිකුට්ටු, ඇම්බුම් ඇතුළු ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල් ඕනම ප්‍රමාණයක් චීනය මිලදී ගැනීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග පැවැසීය.

lakbima

Related posts

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩි සංචරණ සීමා

colombotoday

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday

කරූ අගමැති කරන්න ජනපති සමග රහස් සාකච්ඡා – ක්‍රිෂාන්ත කුරේ බ්‍රෝකර් වැඩේ කරයි

colombotoday