Colombo Today Local News

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

දෙමළ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් විසඳීමක් ලබා දීමට සාධනීය ලෙස මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරුනු බලවත් රටක නියෝජිතයකු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන ලෙස උතුරේ මහ ඇමැතිගෙන් ඉල්ලා තිබේ.

විවේචන ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජනය කරන රාජ දුතයා උතුරේ මහ ඇමැතිගෙන් ඉල්ලා ඇත්තේ උතුරේ සංචාරයක යෙදුනු අවස්ථාවේය.

තාන්‍යමහ කොමසාරිස් වරයා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම පාහේ තමන් මුණ ගැසෙන නුමුත්, ආණ්ඩුවට ප්‍රශ්න ඇති නොකරන ලෙස ඉල්ලා සිටි මෙවර හමුව “ඉතාම වෙනස්” බව මහ ඇමතිවරයා පවසයි.

“රජයට විරුද්ධ දේවල් කියන්නේ නැතිව අපිට රජය එක්ක එකතුවෙලා යන්න කිව්වා,” යි සී වී විග්නේස්වරන් කියා සිටියේ මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් සමග ජූනි 19 දා කරන ලද සාකච්ඡාවේ තොරතුරු විමසූ මාධ්‍යවේදීන් සමගයි.

“අපි ආණ්ඩුව අවුලකට තල්ලු කරනවා කියා කිව්වා. එහෙම කළොත් ප්‍රශ්න ඇතිවෙයි කියා කිව්වා.”

බ්‍රිතාන්‍ය රාජ දූතයා එම ඉල්ලීම කර ඇත්තේ උතුරේ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉටු කර නැති පොරොන්දු සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා ජනාධිපති වරයා හමුවේ ප්‍රසිද්ධ විවේචනයක් කළ දාට පසු දිනය.

දේශපාලන විසඳුමක් ලබා දෙනු ඇතැයි පසුගිය වසරේ සිට මේ දක්වා රජය කෙරේ තබා තිබු විශ්වාසය කඩවී ඇති නිසා දෙමළ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න එළි දැක්වීමට තමන්ට සිදුවී ඇතැයි තමන් මහ කොමසාරිස් වරයාට පැහැදිලි කළ බව මහ ඇමැති වරයා මාධ්‍යවේදීන්ට කියා තිබේ.

“ආණ්ඩුව එකක් කියනවා තව එකක් කරන,” බව ඔහු පවසා ඇත.

“ආණ්ඩුව විශ්වාස කරලා 2016 දී අපිට දේශපාලන විසඳුමක් ලැබෙයි බලාපොරොත්තු උනා. 2017 ත් එහෙමම බලාපොරොත්තු වුනා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් විසඳුමක් ලැබේවි කියා අපේ නායකයා විශ්වාසය පල කරලා තියෙනවා. ආණ්ඩුව එකක් කියනවා තව එකක් කරනවා. ඒ නිසා ඇත්ත තත්වය කියන එක අවශ්‍යයි. ඒ නිසා තමයි මම සමහර දේවල් ප්‍රසිද්ධියට පත් කරන්න වෙන්නේ කියා මම ඔහුට දැනුම් දුන්නා.”

උදුරාගත් අයිතීන් නැවත ලබා දෙන ලෙස දෙමළ ජනතාව ඉල්ලා සිටින විට සිංහල ජනතාව අමනාප විය යුතු නැති බව ද ඔහු අවධාරණය කර තිබේ.

Related posts

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට පත්කරන්නේ වෘත්තීය සුදුසුකම් ඇත්නම් පමණයි. ජනාධිපති කියයි

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

“බෝම්බ ඇදුම් හමුවුණාට උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ” – ආරක්ෂක ලේකම් හින්දු පුවත්පතට කියයි

colombotoday