Colombo Today Local News

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

එජාපය සමග එක්ව කිසිදා ජනාධිපතිවරණයකට නොයන බවත් ශ්‍රිලනිපයේ පිහිටෙන් අවුරුදු 21කට පසුව බලයට පැමිණි එජාපය ආණ්ඩුවේ හොඳ නාමය කෙලෙසා ඇති බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ වෙන්නප්පුව ශ්‍රීලනිපයේ ආසන බලමණ්ඩල රැස්වීමකට සහභාගි වෙමිනි.

“මහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි. අවුරුදු 21ට පස්සේ අපේ ජනාධිපතිතුමාගේ පිහිටෙන් ආණ්ඩුවක් අරගෙන මේ අවුරුදු 21ම ඇරියස් එක ගන්න ගියා මdසෙන් දෙකෙන් මේ එක්සත් ජාතික පකaෂය. ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ හොඳ නම කෙලෙසිලා තියෙන්නේ. ඒක තමා ඇත්ත කතාව. ඒ පාපකර්මයට මේ ආණ්ඩුවක් හදන්න ගිය, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න ගිය, ශ%s ලංකා නිදහස් පක්ෂයටත් කර ගහන්න වුණ නිසා තමා පක්ෂයටත් මේ හානිය වෙලා තියෙන්නේ.

අපි කවදාවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපති කෙනෙක් හදන්න එන්නේ නෑ. අපිට රෙද්දක් ඇඳගෙන එහෙම යන්නත් බෑ. අපි අතර තියෙන්නේ ගමන් දෙකක්. මේ පක්ෂය පොඩි මිනිහගේ පක්ෂයක්. වංචාවට දුෂණයට එරෙහිව යන පක්ෂයක්. මේ පක්ෂය තාවකාලිකව බෙදුණත්, තාවකාලිකව කැඩුණත්, මේක නැවත ගොඩනගලා අපේ පක්ෂයේ නායකයෙකු ජනාධිපති කරන එක ස්ථිරයි යැයි පවසීය.

Related posts

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !

colombotoday

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin