Colombo Today Local News

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය.

මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවා ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පතු වූ බව මව්පියෝ පවසති.

ඉකුත් දිනක දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ඇති අතර පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද තර්ජනය කර ඇත. පහර කෑමෙන් පසු හදිසියේ අසාධ්‍ය වූ එම සිසුවා හලාවත රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළ අතර අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැරණි. මහේස්ත්‍රාත් විභාගය අද (23) පැවැත්වීමට නියමිතය.

Related posts

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

colombotoday

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

colombotoday