Colombo Today Local News

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ වු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ‍පොලීසියට නියෝගයක් ලැබුණ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාර පවසයි.

ඒ අනුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ලැබි ඇති තොරතුරු අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවැසීය.

මෙම දිවියා ගම්මානයට පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන් දිවියා ඇල්ලීමට එම ස්ථානයට ගියද, ප්‍රදේශවාසීන්ගේ බාධා කිරීම නිසා දිවියා අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවට තමාට තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Related posts

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

“තත්ත්වය ව්‍යාකූලයි.. රට අරාජිකයි” – මල්වතු මහ නාහිමිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin