Colombo Today Local News

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුකර, දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

ඒ යටතේ ලබන ජූලි 1 වැනි දා වන විට හමුදා බලඇණි 33ක් අහෝසි කර ඒ යටතේ සිටින හමුදා නිලධාරීන් 1000ක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් කරන හා උතුරු පළාතේ ඇති ඉතා වැදගත් හමුදා කඳවුරු 100ක් ඉවත් කෙරෙන යුද හමුදා නියෝගයක් මේ වන විටත් නිකුත් කර තිබෙන බව ද සමරවීර මහතා සඳහන් කළේය.

මන්තී‍්‍රවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘මේ යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ කටයුතු ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මහතා, අපේ හමුදාවෙන් පළිගැනීම සඳහා සෙයිඩ් අල් හුසේන් කුමාරයා ගෙනා 30/1 ප‍්‍රකාශයට අත්සන් තබා අද ඒ යෝජනාව අනුව කටයුතු කරමින් සිටිනවා. ඒ යෝජනාවේ වගන්ති ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක්, කොමාවක්, නැවතීමේ තිතක් නෑර ක‍්‍රියාත්මක වෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.

අපේ ත‍්‍රිවිධ හමුදාවෙන් පරිපාලනමය වශයෙන් පලිගැනීමේ යෝජනාවක් එහි තිබුණා. අද ඒ අනුව 2018 ජූනි මස 14 වැනිදා, අධ්‍යක්‍ෂ ජනරාල්, මාණ්ඩලික ප‍්‍රධානී, මේජර් ජනරාල්, ඞී.ජී.අයි කරුණාරත්න විසින් නිකුත් කළ යුද හමුදා නියෝගයක යුද හමුදාව තුළ ක‍්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප‍්‍රමාණය කිරීම ගැන සඳහන් වෙනවා. මෙය ජූලි මාසය අවසන් වීමට මත්තෙන් ක‍්‍රියාත්මක කරන්න කියා හමුදාව දැනුවත් කර තිබෙනවා.

ඒ යටතේ හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ 33 යටතේ නිත්‍ය බලඇණි 14ක් සහ ස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. ඒ වගේම ඒ යටතේ හමුදා නිලධාරීන් 1000ක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා. මෙයින් යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුවෙනවා.

මේ යටතේ ඉතාම වැදගත් මර්මස්ථානවල පිහිටි හමුදා කඳවුරු 100කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් වෙනවා. උදාහරණයක් ලෙස නන්දිකඩාල්, පුදුකුඩිඉරිප්පු, යාපනය, ඉරණමඩු, මුලතිව්, තලෙයිමන්නාරම, මැණික්ෆාම්, පේදුරුතුඩුව, වව්නියාව, පුනරීන්, කිලිනොච්චිවල හමුදා කඳවුරු 4 බැගින් ඇතුළුව කඳවුරු 100ක් පමණ මෙසේ ඉවත් වෙනවා.

මේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කාලය අවසන් වන්නට හා 2019 පැවැත්විය යුතු ජනාධිපතිවරණය පවත්වන්නට මත්තෙන් තමන් බලයට පත්කරන්න උදව් කරපු බෙදුම්වාදී ඩයස්පෝරාවට හා විජාතික බලවේගවලට දුන් පොරොන්දු නිසි පරිදි හරි ආකාරව ඉටුකරන්නයි මේ සූදානම. ’’ යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

Related posts

ලසන්ත වික්‍රමතුංග භාවිතා කලේ රනිල් වික්‍රමසිංහයි – අහිම්සා වික්‍රමතුංග චෝදනා කරයි

colombotoday

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

colombotoday

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

පොලොන්නරුව ඕනෑගම සින්හරාජගම පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් ඩෝසර් කරයි

colombotoday