රාමසාන් නව සඳ ඊයේ රාත්රීයේ දර්ශනය නොවීම මත රාමසාන් උළෙල හෙට දිනයේ සැමරීමට මුස්ලිම් ප්රජාව තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයද නෝම්බි (උපවාස) දිනයක් ලෙස සැලකීමට ඔවුහු කටයුතු කරති.
ඉස්ලාමීය වර්ෂ ක්රමය චන්ද්ර මාස ක්රමයක් මත පදනම්ව ඇති නිසා උපවාස මාසයේ ආරම්භය සහ අවසානය තීරණය වන්නේ නව සඳ දැකීමේ චාරිත්රය පදනම් කර ගනිමිනි.
කෙසේ වුවත් අදට නියමිත රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයේ වෙනසක් සිදුනොවේ.