සිර දඩුවම් නියම වූ බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ට නීත්‍යානුකූල සිර ඇදුම නියම වුවත් බරපතල වැඩ ඇතිව සිර ගත කිරීමට තරම් දරුණු අපරාධයක් එහිමියන් කර නොමැති බැවින්, උන්වහන්සේගේ චීවරය ඉවත් නොකරන්නැයි “පැවිදි හඩ“ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි සභාපතී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් යොමුකර ඇති මෙම ලිපිය මගින් දන්වා තිබෙන්නේ, අරිහත් ධජයට අගෞරව කිරීමට බෞද්ධ රාජ්‍යයක නායකයෙකු වශයෙන් කටයුතු නොකරන ලෙසයි.
එමෙන්ම පූජ්‍ය ඥණාසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් ලබා දෙන්නැයිද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.