Colombo Today Local News

රජයේ මාධ්‍ය සියල්ල ඇමති මංගලගේ ලේකම්වරයෙකුවන රුවන් ෆෙර්ඩිනැන්ඩස් යටතට

යහපාලන රජයේ ජනතාව අතරට යැවීමට රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් අසමත්වීම හේතුවෙන් ඒ සඳහා නව උපදේශක තනතුරක් ඇති කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සියලුම රාජ්‍ය මාධ්‍ය ආවරණය වන පරිදි ඇති කෙරෙන මෙම රාජ්‍ය මාධ්‍ය උපදේශක තනතුරට ශ්‍රී ලංකාවේ වෙබ් මධ්‍යයේ “God Father” ලෙස හඳුන්වන රුවන් ෆෙර්ඩිනැන්ඩස් පත් කිරීමට ද නියමිතය.

රජය මේ තීරණය ගෙන තිබෙන්නේ ස්වාධීන රුපවාහිනියේ හිටපු සභාපති සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් එම කාර්යභාරය ඉටු නොවුණු නිසා වගේම ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගෙන් මේ වන තුරුත් එම සේවය නිර්මාණාත්මකව සිදු නොවන නිසාය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා එකට එක්ව කටයුතු කිරීමට මේ රාජ්‍ය මාධ්‍ය උපදේශකයාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ ඒ ඒ ප්‍රවෘත්ති,විශේෂාංග,වාර්තා සහ සම්මුඛ සාකච්ඡා දේශපාලනික ඉදිරිපත් කිරීම වගේම විපක්ෂයෙන් එල්ල කෙරෙන චෝදනා සඳහා තාර්කිකව සහ දේශපාලනිකව උත්තර ලබාදීම සම්බන්ධයෙන් රජයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත උපදෙස් ලබාදීමය.

ඒ ඔස්සේ තාර්කික තොරතුරු වගේම දත්තවලින් සන්නද්ධ කර යහ පාලන ජාතික රජය වටා ශක්තිමත් ජන මතයක් ගොඩනැගීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ අරමුණ වේ.

එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් මේ ක්‍රියා මාර්ගය ගැනෙන නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ එම පක්ෂයෙන් ඈත් වී සිටින සමාජයේ විවිධ මතධාරීන් එකට ඒකරාශී කර ගෙන ඒ අයගේ ද සහය ඇතිව, රුවන් ෆෙර්ඩිනැන්ඩස් මහතා විසින් සමන් අතාවුදහෙට්ටි සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරුන් ඉටු කිරීමට අපොහොසත් වූ එම වගකීම සහ කාර්ය භාරය ඉටු කිරීම පැවරී ඇත.

Related posts

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday