Colombo Today Local News

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

මෙරට හලාල් සහතිකකරණය හඳුන්වා දෙමින් බෙදුම්වාදය රට තුල ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කළේයැයි චෝදනා ලබා සිටින උලමා සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රිස්වි මුෆ්තිට එරෙහිව මෙරට ජිවත්වෙන සම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගේන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

නෝම්බි උපවාස සමය අවසන් කිරීම සඳහා හඳ බැලීමේ දිනය පිළිබඳව රිස්වි මුෆ්ති මෙරට පැවති සම්ප්‍රධායට පිටතින් අදහස් දක්වා ඇති අතර එය සම්බන්දයෙන් මුස්ලිම් සමාජය තුල ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන ඇත.

හලාල් සහතිකරණයක් මෙරට ජීවත්වූ සම්ප්‍රධායික මුස්ලිම් ජනතාව නොයිල්ලූ බවත් තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන රටවල පමණක් ක්‍රියාත්මක එවැනි වැඩ සටහනක් මෙරටට හඳුන්වා දී ජනතාව අතර තිබූ සංහිදියාව බිඳලමින් විශාල ප්‍රශ්නයක් රට තුල ඇති කල මොවුන් මෙරට මුස්ලිම් ජනතාවගේ සම්ප්‍රධායට විරුද්ධව තම තමන්ගේ මත පල කිරීම හේතුවෙන් යලිත් එවැනිම වාතාවරණයක් රට තුල ගොඩ නැගීමට රිස්වි මුෆ්ති කටයුතු කරන බව සම්ප්‍රධායික මුස්ලිම් ජනතාව නියෝජනය කරන සංවිධානයක නියෝජිතයකු Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday