Colombo Today Local News

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල යෙදීම උතුරේ ධීවර සංවිධාන විසින් තහනම් කර ඇත.

වඩමාරච්චි ධීවරයන් පන්නැයි ධීවර කාර්යාලය ඉදිරිපිට වාඩිවෙමින් ආරම්භ කර ඇති විරෝධතාව නිසා එම ධීවර කාර්යාලයේ කටයුතු ඇනහිට තිබේ. මේ අවස්‌ථාවේ යාපනයේ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයාද විරෝධතාකරුවන් හමුවට පැමිණ නීතිය උල්ලංඝනය කරමින් වඩමාරච්චි වෙරළ ප්‍රදේශයට එන බෝට්‌ටු අත්අඩංගුවට ගන්නා බව පවසා ඇත.

මෙම විරෝධතාව යාපනය නගරාධිපති ආනෝල්ඩ්, ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ මාවෙයි සේනාධිරාජා, එම්. කේ. සුමන්තිරන්, හිටපු මන්ත්‍රී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු රැසක්‌ සහභාගි වී තිබේ.

දිවයින

Related posts

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

colombotoday

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

GMOA නැවතත් සටන් බිමට… රාජිතට එරෙහිව අවි අමෝරයි…

colombotoday