Colombo Today Local News

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට සම්බන්ධ සමාගම්වලින් 2015 ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාගෙන ඇත්නම් හෝ එම සමාගම්වලින් මුදල් ලබාගෙන නොමැති නම් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවාරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියි.

දූෂිත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගම් කිහිපයකින් දේශපාලකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලබාගත් බවට මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇතිවී ඇති බවත් ඒ අනුව තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් මුදල් ලබා ගත් බව දේශපාලකයන් කිහිප දෙනෙකු මේ වන විටත් පිළිගෙන තිබේ.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහාද අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගම්වලින් මුදල් ලබාගෙන තිබීමට හැකියාවක් ඇති බව අමාත්‍ය සරත් ‌ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Related posts

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

ජාතික විධායක සභාව – දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට පටහැනියි – FCIDයත් නීති විරෝධියි

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday