Colombo Today Local News

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් 13 වැනි සංශෝධනයේ බලතල ක්‍රියාත්මක කරමින් පළාත් සභාවේ අවසරයක්‌ නැතිව උතුරේ ඉඩම් පවරා ගැනීම තහනම් කරමින් යෝජනාවක්‌ සම්මත කර ගෙන ඇත.

යුද හමුදාව මේ තහනම කඩකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු (05 වැනිදා) යාපනයේ පැවති දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම අමතා ප්‍රකාශ කර තිබේ. මෙම 13 වැනි සංශෝධනය මත උතුරු පළාත් සභාවට අයත් ඉඩම් පවරාගැනීමට පළාත් සභා අවසරය අවශ්‍ය බව ඔහු සඳහන් කර ඇත.

උතුරු පළාත් සභාවේ මෙම යෝජනාව සම්මත වීම නිසා උතුරේ ආරක්‍ෂාව උදෙසා ඉඩම් පවරා ගැනීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය අර්බුදයකට ලක්‌වේ.

Related posts

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

මිලියන 73 ක ගිණුම් සමඟ ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday