Colombo Today Local News

වෛරස් උණට දකුණේ තවත් දරුවන් දෙදෙනෙක් බිලි… සබරගමු, බස්නාහිර පළාත්වලටත් පැතිර යෑමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වය හේතුවෙන් දකුණේ තවත් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට දකුණු පළාත තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගයට ගොදුරු වීමෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා බව හඳුනාගත් දරුවන් 37 දෙනෙකු රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටින බව ජයම්පති සේනානායක මහතා පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ සඳහා හේතුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය බවත් ඒ සඳහා ස්තිර ප්‍රතිකාර ක්‍රමයක් නොමැති අතර පුද්ගලිකවම පාලනය වීමක් සිදුවිය යුතු බවත් වෛද්‍යවරු පවසති.

දකුණු පළාතට අමතරව මෙය සබරගමු හා බස්නාහිර පළාත්වල ද පැතිර යා හැකි බැවින් එය වැලැක්වීමට අදාල පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියි.

Related posts

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

colombotoday