Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප්‍රාදේශීය රැස්වීම ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී ජුනි 13 වනදා පැවැත්වීමට නියමිතය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, අතුරුදන්වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය සමග මෙහි ඉදිරි කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ව්‍යුහය සහ මෙහෙයුම් කටයුතුවලට ජනතාවගේ යෝජනා ඇතුළත් කිරීම සඳහා ජනතා අදහස් විමසීමත් මෙම ප්‍රාදේශීය රැස්වීම්වලින් අපේක්ෂා කෙරේ.

ජනතාව සමග සංවාද කෙරෙන මෙම රැස්වීම් මාලාව මේ වන විට මන්නාරම, මාතර හා මුලතිව් දිස්ත්‍රික්කවලදී පවත්වා ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත 2016 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කෙරුණේ 2018 මාර්තු 01 වනදාය.

Related posts

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සෞඛ්‍ය වර්තා අනුව

colombotoday

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday