Colombo Today Local News

දින 100 වැඩපිළිවෙල මං දන්නේ නෑ කියා මං කීවේ නෑ – ජනපති

සෝභිත හිමියන්ගේ ගුණ සමරු උලෙලේදී තමන් සදහමන් කලේ දිනි 100 වැඩපිලවෙල තමන් නොදන්නා බව නොව එය හැදුවේ කවුදැයි නොදන්න බව යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. තම විරුද්දවාදීන් විසින් එය විකෘති කර ප‍්‍රචාරය කරමින් ඇති බව ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සති අන්ත දිවයින පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී පල කර ඇති අදහස් මෙසේය.

‘දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.

මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ. මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.

අපි ඒක ක්‍රියාත්මක කළා. ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ. අලූත් පක්‌ෂ හැදෙන්නෙත් නැහැ’

– divaina

Related posts

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday