Colombo Today Local News

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජුලි 01දා සිට තමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් පත්කර ගන්නා බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ටී.එන්.එල්. පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇමතිවරයා ඊයේ (08) එබව සඳහන් කළේය.

එහිදී ටී.එන්.එල්. සිද්ධිය ගැන බලවත්සේ කනගාටු වන බව පැවසු ඇමතිවරයා, නිදහස් වගකිව යුතු මාධ්‍යයක් වෙනුවෙන් රජය ඇප-කැප වී සිටින බවද අවධාරණය කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

”සියලුම මාධ්‍ය අපට විරුද්ධව කරුණු දක්වමින් වැඩි විකාශන කාලයක් විපක්ෂයට ලබා දී තිබෙනවා. දෙරණ, හිරු වැඩි කාලයක් විපක්ෂයට ලබාදෙනවා. නමුත් අපි හැම මාධ්‍යයක් සමඟ සමඟිව සහයෝගයෙන් කටයුතු කරනවා.

සිරස ආයතනය රජයට අගමැතිවරයාට පෞද්ගලිකව පහර දුන්නත් අපි ඔවුන්ට බාධා කර නැහැ. මටත් දැඩි ලෙස ප්‍රහාර එල්ල කළා. එහෙත් මම එජාප උප සභාපතිවරයා කියලා දැනගෙන කිලි මහරජා මහත්තයා මට මල් පොකුරක් එවලත් තිබුණා.

අපි මාධ්‍ය සමඟ කොතරම් සුහදව කටයුතු කරනවාද කියනවා නම් ජූලි 01 වැනිදා සිට ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අපේ අමාත්‍යංශයේ ලේකම් තනතුරකට ගන්නවා.”

මංගල සමරවීර මහතා තැපැල් හා මාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ දී ඔහුගේ මාධ්‍ය උපදේශකවරිය ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය කටයුතු කළාය.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරකු වන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියයි.

මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් (මාධ්‍ය) තනතුරේ දැනට කටයුතු කරන රුවන් ප්‍රදිනන්දිස් මහතාට ඇමතිවරයා විසින් ජුලි 01දා සිට වෙනත් රාජකාරියක් පවරා ඇති බව වාර්තාවේ.

Related posts

ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට බදු සහන… ලංකාවේ යකඩ කර්මාන්තය සුන්… ලක්ෂ 3ක් අනාථයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

නීතිය හා සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිධ හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා..” ජනපති ඉදිරියේ විමල් කියයි (VIDEO)

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday