Colombo Today Local News

හමුදාව කැබලි 9කට කඩන්නැයි විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව කැබලි නමයකට කඩා පළාත් නවයක කොටස් වශයෙන් ස්ථාපිත කරන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී සී විග්නේෂ්වරන් රජයට යෝජනා කර ඇත

යාපනයේ පැවති රජයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේ දී ඔහු මුල්වරට මෙම යෝජනාව හෙළිකර තිබේ .

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පළාත් නවයට ම හමුදා එකක ලැබෙන බව ද විග්නේෂ්වරන් සඳහන් කර ඇත.

උතුරේ හමුදාව රැඳී සිටීම ද්‍රවිඩ ජනතාව අනුමත නොකරන අතර එම හමුදාව පළාත්වලට යැවීමෙන් අර්බුද විසඳිය හැකි බව ද ඔහු පළ කළේය.

මේ අතර උතුරේ කිසිදු කිසිදු ඉඩමක් උතුරු පළාත් සභාවේ අවසරය රහිතව ආරක්ෂක හමුදාවට නොදෙන බවද පවසන විග්නේෂ්වරන් ඊට අදාළ යෝජනාව ද සම්මත කර ඇත.

උතුරු මහ ඇමති ගේ මෙම ක්‍රියාකලාපය දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම බව ආරංචි මාර්ග දක්වයි

– ඉරිදා දිවයින

Related posts

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

Admin

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

දෙමටගොඩ චමින්දගේ මවට බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට පහසුකම් සැපයූ වූ නියාමකවරියක් කොටු

colombotoday