Colombo Today Local News

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

සුගිය මැතිවරණ සමයේ දී මව්බිම පුවත්පත මගින් පළකරන ලද ලිපි දෙකකින් තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් අමාත්‍ය චම්පික රණවක මහතා විසින් එම පුවත්පතට එරෙහිව රුපියල් බිලියන 1.5ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අද(7) ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වේ.

එසේම චම්පික රණවක මහතා විසින් කරනලද ප්‍රසිද්ධ ප්‍රකාශ ඔස්සේ මව්බිම පුවත්පතට අගතියක් වී ඇතැයි එම පුවත්පත ද අමාත්‍යවරයාට එරෙහිව හරස් ඉල්ලීමක් කර තිබිණි.

අද අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ එම්. සී. ජයරත්න මහතා පවසා සිටියේ තව දුරටත් සිය සේවාදායකයා නඩු කටයුත්ත ඉදිරියට ගෙනයාමට අදහස් නොකරන බවත් එම නිසා නඩුව ඉවත් කර ගැනීමට අධිකරණයේ අවසර පතන බවත් ය.

මේ අනුව මව්බිම පුවත්පත වෙනුවෙන් පෙනීසිටි නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පුවත්පත මගින් කළ හරස් ඉල්ලීම ද ඉවත් කරගන්නාබව අධිකරණයට දැන්වීය.

Related posts

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

ඤාණසාර හිමියන් නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් !

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday