එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර තිබේ.
අදාල පත්වීම් ලිපිය තමන්ට ලැබුණු බව මංගල සමරවීර මහතා සිය ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබේ.
මංගල සමරවීර මහතා අද (05දා) සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේ මීට වසර 30කට පෙර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කරන විට තමන් කිසිවෙටක් එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි තනතුරකට පත්වෙනු ඇතැයි නොසිතූ බවයි.