Colombo Today Local News

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් කරුණු දක්වා තිබෙන බවද ඒ පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය.

නව මැතිවරණ ක්‍රමය යටතේ බලය ලබාගත් කිසිදු පක්ෂයට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි තත්වයක් ඇතුළු ගැටළු රැසක් මතුව තිබෙන හෙයින් අවශ්‍ය සංශෝධන සිදුකරන තුරු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය හෙවත් සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු බව එජාපයේ අදහස යැයි ද ඔහු පැවසීය.

Related posts

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday

ගෝඨාට ජනාධිපති වෙන්න ලැබෙන්න. නවීන් දිසානායක සුභ පතයි

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday