Colombo Today Local News

“ටී.බී. ඒකනායක FCIDයට කැඳවීම සිල්ලර වැඩක්” – ඇමති අමරවීර

එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටිය දී හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා වැනි අයකු එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (29) අම්බලන්තොට දී ප්‍රකාශ කළේය.

ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයක දී මහින්ද අමරවීර මහතා මේ බව කීය.

”හොරකම් කලා නම් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙන් කිරීමක් කරන්න බැහැ. අපි එදත් කිව්වේ හොරුන්ට දඩුවම් කරන්න කියලා. ඒත් දඬුවම් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා.

ටී.බී ඒකනායක හිටපු සංස්කෘතික ඇමැතිතුමා වාහනයක් අවභාවිතා කළා කියා එෆ්සිඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්. ඊට වඩා කැඳවිය යුතු අය ආණ්ඩුවේත් විපක්ෂයේත් ඕනෑ තරම් ඉන්නවා.” යයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, අලී සබ්රිට

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday

සනත් නිශාන්තට ඇප

colombotoday